ජනප්‍රිය නිළියක් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටිය දී වහාම අත්අඩංගුවට..(PHOTOS)
By krishani
රාත්‍රීයේ පැවති සාදයක් අතරතුර දී තෙළිඟු නිළි හේමා බැංගලූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ කොකේන්, ගංජා ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ ළඟ තබා ගැනීම හේතුවෙන් ය.
වෛද්‍ය පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ ඇය මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බවයි.
මෙම සාදයට නීති විරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ආවේ කවුරුන් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.
පොලීසිය සඳහන් කළේ, ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි.
සාදයට පැමිණි 101 දෙනෙකු පොලිසිය විසින් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර ඇති අතර ඔවුන්ගෙන් හේමා ඇතුළු 86 දෙනකුම නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කළ බව පරීක්‍ෂණවලින් තහවුරු වී තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ සාදයේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය විශාල තොගයක් පොලිසිය සිය භාරයට ගෙන ඇත.