දිස්ත්රික්ක රැසකට හදිසි අකුණු අනතුරු ඇඟවීමක් - කාලගුණෙන් ඇම්බර් වර්ණ රතු එළියක්
නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම පොළොන්නරුව දිස්ත්රික්කයටද බලපාන පරිදි දැඩි අකුණු පිළිබඳ ඇම්බර් (Amber) වර්ණ අනතුරු ඇඟවීමක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (24) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම අනතුරු ඇඟවීම හෙට (25) අලුයම 1.30 දක්වා බලාත්මකව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව, අදාළ පළාත් සහ දිස්ත්රික්කයේ ඇතැම් ප්රදේශවල දැඩි අකුණු සහිත ගිගුරුම් වැසි ඇතිවීමේ හැකියාව පවතී.
එමෙන්ම, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව එම ප්රදේශ ආශ්රිතව තද සුළං ද ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ. අකුණු අනතුරු හේතුවෙන් සිදුවිය හැකි ජීවිත හානි සහ දේපළ හානි අවම කර ගැනීම සඳහා අවශ්ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී ආරක්ෂිත ගොඩනැඟිල්ලක රැඳී සිටීමට කටයුතු කරන ලෙසද ජනතාවට උපදෙස් දෙනු ලැබේ.