ෆේස්බුක් එකෙන් හාද වෙලා පාසල් යනවා කියලා සිසුවියන් දෙදෙනෙක් පෙම්වතුන් බලන්න කුරුණෑගල ඇවිත්.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Aug 13, 2023 01:43 PM GMT
krishani

krishani

Report

දහසය වියේ පසු වන පාසල් සිසුවියන් දෙදෙනෙකු facebook හරහා හඳුනාගෙන සිටි තම පෙම්වතුන් හමුවීමට කුරුණෑගල නගරයට පැමිණ සිටි දී පොලිස් බාරයට ගත් බව කුරුණෑගල පොලිසිය සඳහන් කළේ ය.

මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ඔවුන් පාසල් යන බව පවසා නිවසින් පිටත්ව ඇති බවත් පසුව පාසල් නිල ඇඳුම් මාරු කර කුරුණෑගලට පැමිණ ඇති බවයි.

මෙම සිසුවියන් දෙදෙනාගේ පෙම්වතුන් දෙදෙනා සමඟ කුරුණෑගල වැව රවුමේ සිට ඇති අතර සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙක් ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වේ.

අනෙක් සිසුවිය පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර පෙම්වතුන් දෙදෙනා මොණරාගල හා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

කෙසේ වෙතත්, ලාබාල පෙම්වතුන් දෙදෙනා පොලිසිය විසින් දැඩි ලෙස අවවාද කර දෙමාපියන් වෙත භාර දී තිබෙනවා.

ReeCha