පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන ගිය සැකකරු අධිකරණයට ගිහින්..
Sri Lanka Police
Sri Lanka
By krishani
මොරටුව - කොරළවැල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන පලාගිය සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇත.
ඒ අද (24) උදෑසන ය.
නීතීඥවරයෙකු මාර්ගයෙන් මොහු මෙලෙස භාර වී ඇති බව පොලිසිය පැවසීය.
පසුගිය 21 වනදා රාත්‍රියේ සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී තිබුණේ 40 හැවිරිදි පුද්ගලයෙකුට වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
