වනජීවි නිළධාරියෙකුට ඡන්ද අපේක්ෂකයෙකු පහර දෙයි.
By krishani
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පහරදී ඔහුගේ රාජකාරියට බාධා එල්ල කළ මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත් ව සිටින අපේක්ෂකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාදම්පේ - පනිරෙන්දාව රක්ෂිතයේ ආසන්නයේ ඊයේ(05) මෙම පහර දීම සිදුව ඇති අතර ඒ නීතිවිරෝධී අන්දමින් වල්ලාපට්ටා කපා දමන පිරිසක් සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී ය.
සංරක්ෂණ නිලධාරියා මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය අදාළව සිදු කළ විමර්ශනවල දී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු මෙවර පළාත්පාලන ඡන්ද විමසීමේ දී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් බිංගිරිය ප්‍රාදේශීය සභාවට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |