රුපියල් මිලියන 03කට අධික කේරළ ගංජා තොගයක් හමු වේ.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 07, 2023 08:04 AM GMT
krishani

krishani

Report

ඊයේ (06) රාත්‍රියේ කිලිනොච්චිය – වටකච්චි ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කල සෝදිසි මෙහෙයුමේ දී රුපියල් මිලියන 3 කට අධික කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක් සොයාගෙන ඇත.

ඒ සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 20 හැවිරිදි කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේ දී වටකච්චි ප්‍රදේශයේ කුඹුරු යායක සැක කටයුතු ලෙස රැඳීසිටි පුද්ගලයෙක්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී කුඹුරු යායේ සඟවන ලද කේරළ ගංජා තොගය සොයාගෙන ඇත්තේ.

සැකකරු සමගින් කේරළ ගංජා තොගය සහ යතුරු පැදියත් කිලිනොච්චිය – රාමනාපුරම් පොලිසිය වෙත භාර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join




ReeCha