කෝටියකට වඩා වටිනාකමින් යුත් අයිස් තොගයක්.. තවත් වටිනා දේවල් රැසක් සමගින් පුද්ගලයෙක් කොටු වෙයි..

Sri Lanka Police STF Sri Lanka
By krishani May 09, 2023 09:48 AM GMT
krishani

krishani

Report

රුපියල් කෝටියකට වඩා වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් මුදල් ද සමග සැකකරුවෙකු වත්තල දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ය.

25 හැවිරිදි ඔහු වත්තල පල්ලිය පටුමගේ පදිංචිකරුවෙකු වන අතර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මොහොතේ දී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 14ක්, විද්‍යුත් තරාදියක්, පහළොස් ලක්ෂ හතලිස් දහසක මුදලක් සමග ජංගම දුරකතනයක් ද සොයාගෙන ඇත.

සැකකරු දිගු කලක සිට මත්ද්‍රව්‍ය අලෙවිය සහ තවත් ජාවාරම් රැසකට සම්බන්ධ බව වාර්තා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join