සම්භාහන මධ්‍යස්ථානයකට සහය දුන් පොලිස් පරික්ෂකවරයෙක් මෙන් පෙනී සිටි පුද්ගලයෙක්ට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jun 04, 2023 08:43 AM GMT
krishani

krishani

Report

සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට නීතිමය බාධාවකින් තොරව සහය ලබා දෙන බව ප්‍රකාශ කර අල්ලස් මුදලක් ලබාගත් පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස ලෙස රු. ලක්ෂයක මුදලක් ය.

සැකකරු සපුගස්කන්ද පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සිට සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් 2023.04.21 දින සිට සේවයෙන් ඉවත් කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

එමෙන්ම එම පුද්ගලයාට වැටුප් ගෙවීම් ද 2023 ජනවාරි මස සිට සිදුකර නොමැත.

අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකය මගින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ය. 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join