පොලිස් වෙඩි ප්‍රහාරයකින් අපරාධ වලට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට..

Sri Lanka Police Shooting Sri Lanka Sri Lanka Police Investigation Gun Shooting
By krishani Oct 09, 2023 10:50 AM GMT
krishani

krishani

Report

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී සැකකරුවෙකු පොලීසිය විසින් වෙඩිතබා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු ය.

27 හැවිරිදි වියේ පසුවන ඔහුව පේදුරුතුඩුව අල්වායි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලීසියට ප්‍රහාරයක් එල්ලකර පළායාමට උත්සාහ කර තිබෙනවා.

එහිදී පොලීසිය විසින් සැකකරුට වෙඩිතබා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

පසුව තුවාල ලැබූ සැකකරු පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මොහු යාපනය ප්‍රදේශයේ දී එල්ල වූ කඩු ප්‍රහාර කිහිපයකට සහ සොරකම් ඇතුළු අපරාධ කිහිපයක සැකකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ReeCha