කෝප වුන ඉන්ජිනේරුවරයා 17හැවිරිදි මෙහෙකාරියට කොස්සකින් ගහලා..
කෑම කවමින් සිටිය දී දරුවාට කෑම සිරවීම හේතුවෙන් 17 හැවිරිදි මෙහෙකාරියට කොස්සකින් පහර දීමේ සිදුවීමක් බොරුලස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ.
සැකකරු වයස අවුරුදු 46ක් වන ඉංජිනේරුවරයෙක් වන දෙදරු පියෙක් වන අතර අවුරුදු 18ට අඩු තැනැත්තියකට පහර දී කෘරත්වයට පත් කිරීමේ චෝදනාව යටතේ විත්තිකරුට එරෙහිව නඩු පවරා ඇත.
මේ අතර, විනිසුරුවරයා පෙන්වා දුන්නේ රට ලෝකය ගැන දැනුමක් ඇති දෙදරු පියෙක් ලෙස මීට වඩා සංවේදී හා සානුකම්පිත විය යුතු බව ය.
කෙසේවෙතත්, ඒ අනුව අදාළ පුද්ගලයාට වසර දෙකක සිරදඬුවම් නියම කර එම දඬුවම ක්‍රියාත්මක කිරීම වසර 15ට අත්හිටුවීමට කොළඹ මහ අධිකරණ විනිසුරු නවරත්ත මාරසිංහ මහතා ඊයේ (03) දින නියම කළේ ය.
එමෙන්ම 17 හැවිරිදි දැරියක් වූ එම මෙහෙකාරියට ලක්ෂ තුනක වන්දියක් ද ගෙවන ලෙස විනිසුරුවරයා නියම කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |