නිවාස, වෙළඳසැල් බිඳ සොරකම් කළ පුද්ගලයෙක්ට සිදු වූ දේ..

By krishani Oct 01, 2022 07:24 AM GMT
Report

නිවාස සහ වෙළඳසැල් බිඳ සොරකම් සිදුකළ පුද්ගලයෙක් හෙරොයින් සමග යාපනය ඉලවාලි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05.8ක් ද සොයාගෙන තිබෙන අතර  සැකකරුගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ වෙළඳසැලක් බිඳ රුපියල් 10,000ක් සහ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 05කට අධික මුදලක් මෙන්ම ලක්ෂ 07කට ආසන්න වටිනාකමින් යුත් රන් භාණ්ඩ සොරාගෙන ඇති බවය.

එසේම කොල්ලකෑමේ අරමුණෙන් තවත් නිවසකට ඇතුලු වී පුද්ගලයෙකුට තුවාල සිදුකර තිබූ බව ද සඳහන් වේ.

සැකකරු සන්තකයේ තිබු රුපියල් 55,000ක මුදලක් ද සොයාගෙන තිබෙන අතර ඔහු සිත්තන්කේනි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙක් ය.