තවත් මිනිස් ජාවාරමක් මාට්ටු වෙයි..

Sri Lanka Police
By krishani Feb 07, 2023 05:34 AM GMT
krishani

krishani

Report

මිනිස් ජාවාරමකට සම්බන්ධ තවත් සැකකරුවෙක් අම්බලන්තොට දී අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු විසින් තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගෙන සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් ඔවුන්ව අතරමංකර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාශය සඳහන් කළේ ය.

එම ප්‍රධාන සැකකරු විසින් පුද්ගලයින්ගෙන්ගෙන් ලක්ෂ 19 පමණ මුදලක් වංචා කර ඇති අතර ඊට සම්බන්ධ තවත් අයෙක් වැටලීමේදී පළාගොස් ඇත.

ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු සිදු කරයි.

අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු ඊයේ (06) හම්බන්තොට දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කීරීමෙන් පසු එළැඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එම සැකකරුට අධිකරණය විසින් මේ වනවිට ලාඕසයේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් වහාම ලංකාවට ගෙන එන ලෙස නියෝග කර ඇත 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join



ReeCha