සිසුන් 29ක් සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙක් කළ කූඨ ක්‍රියාවක් මාට්ටු වෙයි..
කූඨ ලෙස ව්‍යාජ ලේඛන සකස් කළ බව කියන ග්‍රාම නිලධාරීවරයෙකු මහනුවර පොලිස් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇත.
ඒ මහනුවර ප්‍රදේශයේ ජනප්‍රිය බාලිකා විද්‍යාලයකට සිසුවියන් 29ක් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් ය.
පොලිසිය සඳහන් කළේ දෙයියන්නේවෙල ග්‍රාම නිලධාරී වසමට අනුයුක්තව මෙම ග්‍රාම නිළධාරීවරයා සේවය කරන බවයි.
ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ නම සහ නිල නාමය මෙන්ම අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය ද යොදා ගනිමින් ව්‍යාජ ලේඛන සකස් කර සිසුන් 29 දෙනෙකු මහනුවර බාලිකා විද්‍යාලයකට බදවා ගැනීමට කටයුතු කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ පැමිණිල්ලකට අනුව ආරම්භ කළ විමර්ශනයකින් අනතුරුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
කෙසේ වෙතත්, එලෙස අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර ධර්මාශෝක මාවත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
