තොරතුරක් මත සැකකරුවන් 4ක් කොටු වෙයි.. ඔවුන්ගෙන් අණාවරණය වුණ දෙය මෙන්න..
ඊයේ (16) රාත්‍රියේ මට්ටක්කුලිය වසමේ සිදුකළ මුර සංචාරයක දී පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් වයස අවුරුදු 24, 26, 27, හා 32 වයස්වල පසු වන්නන් වේ.
ඔවුන් පුදුකුඩිඉරිප්පු, කොටහේන, ඊච්චිලම්පට්රු හා තෝපුර් ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඊච්චිලම්පට්රු හා තෝපූර් ප්‍රදේශ වල පදිංචි සැකකරුවන් දෙදෙනා උතුරු නැගෙනහිර ප්‍රදේශයේ යම් යම් සිද්ධි වලට සම්බන්ධ ආවා නම් කල්ලියේ සාමාජිකයින් දෙදෙනෙකු බවට අනාවරණය කරගැනීමට හැකි වී ඇත.
එමෙන්ම, අනෙක් සැකකරුවන් දෙදෙනා ඉකුත් ඔක්තෝබර් මස ඩුබායි සිට ලංකාවට පැමිණ තිබෙනවා.
ඔවුන් ඩුබායි සිටින පුද්ගලයෙකුගේ උපදෙස් මත ඉහත ‘ආවා’ නම් කල්ලියේ පුද්ගලයින් දෙදෙනාව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිට මට්ටක්කුලිය ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇති බවට අනාවරණය වී ඇත.
ඉහත ‘ආවා’ නම් කල්ලියේ සාමාජිකයින් දෙදෙනා අන්තර්ජාලය මගින් ඩුබායි සිටින පුද්ගලයෙකුට ‘Tik Tok’ මගින් බැන තර්ජනය කර ඇති බවට අනාවරණය කර ගෙන තිබෙනවා.
එම හේතුව මුල් කරගෙන මෙම සැකකරුවන් දෙදෙනාව කාන්තාවක් මාර්ගයෙන් උපක්‍රමශීලිව මට්ටක්කුලිය ප්‍රදේශයට ගෙන්වා පහරදී විඩියෝගත කර ඩුබායි සිටින පුද්ගලයෙකුට පෙන්වා ඇති බවට මොවුන්ගේ දුරකථන විශ්ලේෂණයේදී අනාවරණය වී ඇත.
කෙසේ වෙතත්, මට්ටක්කුලිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
-
NPP 0
Jathika Jana Balawegaya
0% -
SJB 0
Samagi Jana Balawegaya
0% -
NDF 0
New Democratic Front
0% -
ITAK 0
Ilankai Tamil Arasu Kadchi
0%