"මෝඩාභිමානය" ප්‍රචාරයට ඉඩ දුන් 'SL Vlog' හිමිකරු අත්අඩංගුවට..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani May 31, 2023 01:12 PM GMT
krishani

krishani

Report

අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 'SL Vlog' හිමිකරු බෲනෝ දිවාකර අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

ඒ නතාෂා එදිරිසූරිය විසින් බෞද්ධ දර්ශනය පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් පැය 8කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව යි.

'මෝඩාභිමානය' ප්‍රහසන සංදර්ශනය ප්‍රචාරය කිරීම සඳහාත් ඒ ගැන සමාව අයදීම සඳහාත් නතාෂා එදිරිසූරිය, හසලක තුෂාර ඇතුළු පිරිස 'SL Vlog' යූ ටියුබ් චැනලය භාවිතා කර ඇත.

පසුගිය දා 'Global Sri lankan Congress' නමින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් බෲනෝ දිවාකර පැවසුවේ නතාෂා සිදුකළ ප්‍රකාශයේ වගකීම ඇය විසින් බාරගත යුතු බව යි.

එමෙන්ම වැඩිදුරටත් ඔහු කියා සිටියේ, එම ප්‍රකාශ්‍ය පළ කිරීම සඳහා ඉඩක් ලබා දීම තමන් සිදුකළ වරදක් බවයි.


You May Like This Video ?

නතාශාගේ සිද්ධිය ගැන SL Vlog බෲනෝගෙන් සැර කතාවක්..



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join