ෆේස් බුක් එකෙන් සද්දෙටම සංවිධානය කළ සයිකල් සවාරියට සිදු වූ දේ.
Sri Lanka Police
Sri Lanka
By krishani
හොරණ - කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ දී මුහුණු පොත හරහා සංවිධානය කළ යතුරුපැදි තරගයක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
එහිදී තරුණයන් අට දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මොරොන්තුඩුව, හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මොවුන් ඉතා අපරික්ෂාකාරී අයුරින් කුඹුක සිට ගෝනපළ දක්වා ඝෝෂා කරමින් යතුරුපැදි ධාවනය කර ඇත.
එහිදී යතුරුපැදි ඉදිරිපස රෝද ඉස්සිය හැකි ආකාරයට විවිධ අංගෝපාංගයන් එකතු කොට සකස් කර ඇති බවත් පැති කන්නාඩි ද එහා මෙහා කැරකිය හැකි ආකාරයට සකස් කර තිබූ බවත් පොලිසිය සඳහන් කළේ ය.
එමෙන්ම සමහර යතුරුපැදිවල පිටුපස ලියාපදිංචි අංක තහඩු පවා නොමැති බව වාර්තා වේ.
ඔවුන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොරගහගේන පොලිසිය විසින් සිදු කරනු ලබයි.
