විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය තොගයක් සමග තරුණයෙක් කොටුවෙයි..

CID - Sri Lanka Police Sri Lanka Police Department of Prisons Sri Lanka
By Aruna Apr 27, 2024 04:32 AM GMT
Aruna

Aruna

Report


මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේදී බියගම පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15 ක්, හෑෂ් කිලෝග්‍රෑම් 14 ක් සහ හෙරොයින් ග්‍රෑම් 941 ක් සොයාගත් බවට බියගම පොලිසියේ ප්‍රකාශිකාවක ප්‍රකාශ කරන ලදී.

එහි දී සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ 7ක මුදලක් සහ වාහනයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගයෙහි වටිනාකම මේ දක්වා තක්සේරු කර නොමැත.

30 හැවිරිදි මෙම පුද්ගලයාව නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

වැඩිදුර විමර්ශන බියගම පොලිසිය විසින් සිදු කරනු ලබයි.