ජංගම දුරකථන 08 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට..

Police spokesman Sri Lanka Police Sri Lanka
By Aruna Jun 01, 2023 05:53 AM GMT
Aruna

Aruna

Report

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු සොරකම් කරන ලද ජංගම දුරකථන 08 ක් ගල්කිස්ස පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ගල්කිස්ස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අඟහරුවාදා (මැයි 30) හෙරොයින් ග්‍රෑම් 12.200 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.

වැඩිදුර විමර්ශන වලදී ජංගම දුරකථන 08ක් සොයා ගෙන ඇති අතර, සැකකරු විසින් බස්රථවල හෝ පදිකයින්ගේ ගමන් ගන්නා මහජනතාවගෙන් සොරකම් කර ඇති බවට වාර්තා වේ.

සැකකරු ගල්කිස්ස - බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now