ගුද මාර්ගයේ අයිස් හා කේරල ගංජා සඟවාගෙන සිටි පුද්ගලයෙක්ට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 27, 2022 04:46 AM GMT
krishani

krishani

Report

විශේෂ කාර්ය බලකාය අගුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරින් විසින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු හෙරොයින් චෝදනාවකට වරදකරු වී බන්ධනාගාරගත කරන සිටින පුද්ගලයෙක් වන අතර බන්ධනාගාරගතව සිටියදි එම පුද්ගලයාව ඊයේ (26) දිනයේ පරීක්ෂා කිරීමේදි අයිස් සහ කේරළ ගංජා සොයාගෙන ඇත.

ඒ සැකකරුගේ ගුද මාර්ග කොටසේ අදාළ මත්ද්‍රව්‍ය තොගය තිබී සොයාගෙන තිබී ඇති අතර එහිදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය මිලි ග්‍රෑම් 1,930ක් සහ කේරළ ගංජා මිලිග්‍රෑම් 1,830 ක් ය.

සිද්ධිය සම්බන්ධයෙන් අගුණකොළපැලැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha