ඝාතනය කළ 40කගේ හිස් දෙහිවලින් හමුවෙයි...කුණුවෙලා ගදත් ගහනව(VIDEO) .

Police Dehiwala Horovpathaana
By Aruna Sep 08, 2021 02:32 AM GMT
Aruna

Aruna

Report

කුණු වෙච්ච මස් මිනිස්සුන්ට කවන්න හදලා හොරොව්පතානෙ දී ඝාතනය කර දෙහිවලට රැගෙන ආ ගව මස් කිලෝ 6000ක් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා මෙම මස් තොගයම මිනිස් පරිභොජනයට නුසුදුසු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් පවසනවා.

මොරටුව විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව ක්‍රියාත්මක වන විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් 3 කණ්ඩායමට ලද බුද්ධි තොරතුරු අනුව ඊයේ (7) පෙරවරුවේ මෙම වැටලීම සිදු කර තිබෙනවා.

මස් ප්‍රවාහනය කළ ලොරි රථ දෙක ගම්පහ සිට දෙහිවල දක්වා ලුහුබැද විත් දෙහිවලදී පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී ඝාතනය කරන ලද ගවයින්ගේ හිස් හතළිහක් පමණ සොයා ගෙන ඇත.

පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැඳවා මෙම ගවමස් පරික්ෂා කළ අතර එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ මේවා මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා බවයි.

මෙහිදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ ලොරි රථ දෙක දෙහිවල පොලීසියට භාරදී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha