සෞඛ්‍ය නීති කඩකල 313කට පොලිසියෙන් කරපු දේ..

Police Western province Ajithi Rohana
By Aruna Jun 27, 2021 07:46 AM GMT
Aruna

Aruna

Report

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින බස්නාහිර පළාතේ විවෘත කර තිබූ අවන්හල්, ව්‍යායාම් මධ්‍යස්ථාන, සිනමාශාලා, පිහිණුම් තටාක සහ ගෘහස්ථ ක්‍රීඩාංගණ ඇතුලු ස්ථාන 313ක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

මෙහිදී බස්නාහිර පළාත තුළ එවැනි ස්ථාන 1,318ක් ඊයේ දිනයේදී පරීක්ෂා කළ බවයි බස්නාහිර පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් එවැනි ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයින් 31 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ස්ථානවල සිටි තවත් පුද්ගලයින 605 දෙනෙකුට අවවාද කර ඇති බවයි බස්නාහිර පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.

මේ අතර ඊයේ දිනයේදී නිරෝධායන රිති කඩකල පුද්ගලයින් 361 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha