facebook පාටි පාතාලයේ වැඩක්... සුක්ෂමව කට්ටිය අල්ලන ඉලක්කයක්

Report

මුහුනු පොත ඇසුරෙන් පවත්වන සාද පිළිබඳව පොලිසිය දැඩි අවදාන යොමු කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.

මුහුණු පොත ආශ්‍රිතව මිතුරු මිතුරියන් හඳුනාගෙන ඔවුන්ව ඉතාමත් සුක්ෂම ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට පොළඹවන කල්ලියක් සම්බන්ධයෙන් මේවනවිට පොලිසියට තොරතුරු වාර්තා වෙමින් පවතින බව සඳහන්.

මේ රජය පත්වුනාට පස්සේ මාස 3 ඇතුළත වෙඩි තැබීමේ සිද්ධි 27ක්!

මේ රජය පත්වුනාට පස්සේ මාස 3 ඇතුළත වෙඩි තැබීමේ සිද්ධි 27ක්!

මෙහිදී ඉතාමත් ඉක්මනින් මත්ද්‍රව්‍ය රකුසාට තරුණ පිරිස් යොමු කර ගැනීම මත්ද්‍රව්‍ය අලෙවි ජාවාරම්කරුවන්ගේ ඉලක්කය වී තිබෙනවා.  

ඔබගේ දරුවන් සමාජය තුල ඇසුරු කරන පුද්ගලයන් පිළිබඳවද දෙමාපියන් වඩාත් සැලකිලිමත් විය යුතු බවත් ඔවුන් ඇසුරු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නිතර සොයා බැලීමට පියවර ගත යුතු බවත් පොලිසිය දැනුවත් කර සිටියා.

මෙවැනි සාද ආශ්‍රයෙන් තරුණ තරුණියන් ඉතාමත් ඉක්මනින් මත්ද්‍රව්‍ය භාවිතයට සහ ඇබ්බැහි වීමට හුරුවන බව පොලිසිය පවසනවා.

මෙය හරහා දරුවන් පාතාලයේ සමජිකන්ගේ ඇසුරටද නතු වන බව පොලිසිය තවදුරටත් කියා සිටියා.

ඉතාමත් සුක්ෂම ලෙස පාතාලයට කට්ටිය හදුනා ගැනීමේ ස්ථානයක් බවට මුහුණු පොත හරහා සංවිධානය කරන සාද මගින් සිදුවන බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.