නිවසේ සිල් සමාදන් වූ කාන්තාවක් දූෂණය කළ තරුණයෙක් අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka Sexual harassment
By krishani May 07, 2023 02:50 AM GMT
krishani

krishani

Report

පෙරේදා (05), තම නිවසේ සිල් සමාදන් වෙමින් සිටී 47 හැවිරිදි කාන්තාවක් දූෂණයට කළ තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් තරුණයා 27හැවිරිදි වියේ පසුවන වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

දූෂණයට ලක් වූ කාන්තාව ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

වතුර වීදුරුවක් ඉල්ලමින් නිවසට පැමිණ ඇති මෙම තරුණයා නිවසේ කිසිවෙක් නොමැති බව දැන ගැනීමෙන් අනතුරුව අදාළ කාන්තාව දූෂණයට ලක් කර ඇත්තේ.

එම අවස්ථාවේ දී කාන්තාවගේ කෑ ගැසීම ඇසී එතැනට පැමිණි ප්‍රදේශවාසීන් විසින් සැකකාර තරුණයා අල්ලාගෙන තිබෙනවා.

කෙසේවෙතත්, තරුණයාගේ පියා පැමිණ තරුණයා මුදවාගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ තරුණයා සහ පියා වැලිකන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගැණින.

මේ අතර, තම 15 හැවිරිදි දැරියව අපයෝජනය කළ පියෙකු සොයා රිදිගම පොලීසිය විසින් විමර්ශන‍යක් ආරම්භ කර තිබෙනවා.

ඒ එම දැරිය සිය පියා අතින් අපයෝජනයට ලක්වන බවට රිදිගම ගම්වාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුවයි.

දැරියගේ මව විදෙස්ගතව සිටින බව ද මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join