රියදුරන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..දැඩි විමසිල්ලෙන් සිටින්න..

Ajithi Rohana Police announcement Threeveel drivers
By Aruna Aug 09, 2021 04:28 AM GMT
Aruna

Aruna

Report

ත්‍රීරෝද රථ රියදුරන් විසින් රාත්‍රී කාලයේ දී මගීන් රැගෙන යෑමේ දී විමසිලිමත්ව කටයුතු කළ යුතු බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මගීන් ලෙස ත්‍රීරෝද රථයට ගොඩවෙන පුද්ගලයින් ඇතැම් විට අපරාධකරුවන් විය හැකි බවය.

ඊයේ රාත්‍රීයේ දී අනුරාධපුර ප්‍රදේශයේ ත්‍රීරෝද රථයකට ගොඩ වී ඇති පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ත්‍රීරෝද රථය මංකොල්ලකා පළා ගොස් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

යම් ස්ථානයකට රැගෙන යන ලෙස ත්‍රීරෝද රථ රියදුරුට පවසා එම ස්ථානයට යන අතරමඟ දී මෙලෙස ත්‍රීරෝද රථය මංකොල්ලකා තිබේ.

කෙසේවෙතත් විමර්ශන සිදුකළ අනුරාධපුර පොලීසිය විසින් පැහැරගත් එම ත්‍රීරෝද රථය සමඟ එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 28 හැවිරිදි නිට්ටඹුව, රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට අනාවරණය වු බවත් අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha