පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්..රට පුරා ස්ථාන කිහිපයක දිගු පෝලිම්.

Curfew Police Lock down Nihal thalduwa
By Aruna Aug 22, 2021 09:33 AM GMT
Aruna

Aruna

Report

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ ප්‍රායෝගික හේතුන් මත පොලිස් ස්ථාන අවසර පත්‍ර නිකුත් නොකරයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ගමන් කරන පුද්ගලයින්ගේ ලිපි ලේඛන හොඳින් පරීක්‍ෂා කරන ලෙස පොලිසියට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

මේ අතර ඇඳිරි නීති සමයේ ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා රටපුරා පිහිටි පොලිස් ස්ථාන වලට ප‍්‍රාදේශීය සභා කාර්යාලවලට විශාල පිරිස් ඒකරාශි වී සිටී.

රජය විසින් දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍යය පාරිභෝගික භාණ්ඩ ප්‍රවාහනය කිරීම ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඇඳිරි නීති බලපත්‍ර ආසන්නම ස්ථාන වලින් ලබා ගත යුතු බවය.

ඒ අනුව එම බලපත් ලබා ගැනීම සඳහා රටපුරා පිහිටි පොලිස් ස්ථාන වලට ප‍්‍රාදේශීය සභා කාර්යාලවලට විශාල පිරිසක් ඒකරාශී වෙමින් සිටිති.

ඊට අමතරව අත්‍යවශ්‍ය සේවාවන්ට අයත් පුද්ගලයන්ට තම සේවා හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් හෝ අනන්‍යතාවය තහවුරු කිරිමෙන් පසු ගමන් කිරීමේ හැකියාව ලැබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha