පළාත් මායිම් හරහා ගමන් කළ හැකි අය ගැන පොලිසියෙන් දැනුම් දීමක්...

Police Isolating Ajithi Rohana
By Aruna Aug 04, 2021 05:40 AM GMT
Aruna

Aruna

Report

පළාත් මායිම් හරහා ගමන් කිරීමට හැකියාව ඇත්තේ කුමන පිරිස් සඳහා ද යන්න පිළිබඳව පොලීසිය විසින් පැහැදිලි කිරීමක් කර තිබේ.

ඒ අනුව පළාත් මායිම් හරහා ගමන් කිරීමට හැකියාවක් ඇත්තේ රජයේ සේවකයින්ට, පෞද්ගලික ආයතනවල සේවය සඳහා කැඳවා ඇති සේවකයින් සහ අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින්ට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඊට අමතරව පළාත් මායිම් හරහා ගමන් කිරීමේ හැකියාව ඇත්තේ යම් රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට සහ සමීප ඥාතියෙකුගේ අවමංගල්‍ය අවස්ථාවකදී බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර නිරෝධායන රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ගතවූ පැය 24ක කාලය තුළ පුද්ගලයන් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ නිරෝධායන රීති ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 53,143ක් වන බවය.

එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුලුවන ස්ථාන 13කදී පුද්ගලයන් 5,494 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී පුද්ගලයන් 103ක් පළාත් සංචරණ මායිම් උල්ලංඝනය කර ගමන් කිරීමට පැමිණ ඇති අතර ඔවුන්ට අවවාද කිරීමෙන් අනතුරුව නැවත හරවා යැවූ බවද පොලීසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha