මුදල් භාවිතා කිරීමේදී දැඩි සැලකිල්ලෙන් සිටින්නැයි පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්...100 සහ 500 නෝට්ටු විශේෂයි(PHOTOS) .

Police Colombo Money Ajithi Rohana
By Aruna Aug 15, 2021 04:22 AM GMT
Aruna

Aruna

Report

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා භාවිත කළ මුද්‍රණ යන්ත්‍රයක් ද අත්අඩංගුවට ගත් බවයි ඔහු පවසන්නේ.

මේ දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව රුපියල් සීයේ නෝට්ටු 25ක්, රුපියල් පන්සීයේ නෝට්ටු 18ක් සහ රුපියල් දහසේ නෝට්ටුවක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් ව්‍යාජ මුදල් නෝට්ටු වල සටහන් වී ඇති වටිනාකම රුපියල් 12,500 කට අධිකයි.

සාමාන්‍යයෙන් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නන් බොහෝ විට රුපියල් පන්දහසේ සහ රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර රුපියල් 100 සහ රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම පිළිබඳ සිද්ධියක් වාර්තා වීම විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

රුපියල් 100 සහ රුපියල් 500 මුදල් නෝට්ටු සම්බන්ධයෙන් එතරම් වැඩි ජනතා අවධානයක් යොමු නොවීම හේතුවෙන් එම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නන් අවධානය යොමු කර ඇති බවටයි පොලිසිය විශ්වාසය පළ කරන්නේ.

එබැවින් එදිනෙදා ගණුදෙනුවල දී තමන් භාවිත කරන මුදල් නෝට්ටු සම්බන්ධයෙන් දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery
ReeCha