හෙට රට විවෘත වන ආකාරය ගැන පොලීසියෙන් විශේෂ දැනුම් දීමක්.(VIDEO)

Covid Sri Lanka Isolating Ajithi Rohana
By Aruna Jun 20, 2021 02:06 AM GMT
Aruna

Aruna

Report

හෙට (21) දිනයේ රට විවෘත වන්නේ යම් යම් සීමාවන්ට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව ඊට අනුව ජනතාව කටයුතු කළයුතු බව ඔහු පෙන්වා දෙයි.

කාර්යාල සඳහා සේවා සඳහා ගෙන්වා ගත හැක්කේ අවශ්‍යම අවම සේවක සංඛ්‍යාවකි.

නිවසේ සිට රාජකාරී කිරීමට හැකියාවත් තිබෙන පිරිස් එසේ සේවා සඳහා යොදා ගත යුතුය.

පොදු ප්‍රවාහන සේවාවලදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතුය.

සෑම පුද්ගලයෙකුම මුහුණු ආවරණයක් පැලඳ සීටීම අනිවාර්ය වේ.

නිරෝධායනයට අදාළ අනෙකුත් නියෝග ද ඒ ආකාරයටම පිළිපැදිය යුතුය.

පළාත් අතර සංචරණ සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මක වේ.

ඒ අනුව පළාත් හරහා ගමන් කළ හැක්කේ සුවිශේෂී කරුණක් සඳහා පමණි.

සාද, විනෝද ගමන්, චාරිකා, වන්දනා ගමන් සඳහා අවසර හිමි නොවේ. පොදු ස්ථානවල සමූහ ලෙස ගැවසීම නොකළ යුතුය.

දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා හෙට අලුයම 4.00ට ඉවත් කිරීමට නියමිතය.

කෙසේ වුවද යළිත් 23 වනදා රාත්‍රී 10.00 සිට සංචරණ සීමා පැනවෙන අතර එය 25 වනදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මකය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery