සංචරණ සීමාව තවත් දික් වෙයි

By Wasantha Jun 02, 2021 11:34 AM GMT
Wasantha

Wasantha

Report

කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 වන දින අලුයම 4 දක්වා ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කෙසේ වෙතත් සංචරණ සීමා ලබන 07 වනදා දක්වා ක්‍රියාත්මක කරන බවයි මෙයට පෙර තීරණය කර තිබුනේ.

නමුත් සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම් හා කොවිඩ් කමිටුවේ නිර්දේශ සහ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.  

You may like this video 



Gallery