පොහොට්ටුවේ අපේක්ෂකයා ලබන මාසයේදී ජනපති සටනට
By Parami Dissanayake
අද (09) හොරණ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන මස මැද භාගයේ දී ප්‍රකාශයට පත් කරන බව යි.
එමෙන්ම, ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා කිහිප දෙනෙකුගේ ම නම් යෝජනා වී ඇති බවත්, ඉන් ඊට සුදුසු ම පුද්ගලයා ඉදිරිපත් කරන බවත් ඔහු එහි දී පැවසී ය.