කෝ විශ්වාසභංගේ? මම දුවන් ආවේ එකට මූණ දෙන්න - ජනාධිපති අයින් කරගන්න බැරිවුණා දැන් මාව
අද රැස්වූ පාර්ලිමේන්තුව අමතමින් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසා සිටියේ අගමැති වෙනස්විය යුතු බවට මේ රටේ ජනතාව තීරණය කළ පසු තමා ගෙදර යෑමට සූදානම් බවයි.
එහිදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කළේ,
"අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන කතා කරන්න තියෙන වටිනා කාලය නිකන් තරහට එක එක දේවල් කියමින් දමලා ගහලා කාලය නාස්ති කරනවා.ජාතික අධ්‍යාපන ඉලක්ක අනුව තමා විෂය මාලාව හා අන්තර්ගතය හැදෙන්නේ. අනික දැන් ජනාධිපති අයින් කරගන්න බැරි වුණා. අඩුම තරමේ අගමැති අයින් කරන්න උත්සාහ කළා නේ. කෝ ඉතින්. මං මේ අද උදේ ඇවිල්ලා දුවගෙන ආවේ විශ්වාසභංගයට මුහුණ දෙන්න. මං ඒක එනකම් බලාගෙන ඉන්නේ. ගේන්නේ නැද්ද? අපරාදේ. අපි ලෑස්තිවෙලා හිටියේ." "විශ්වාසභංග යෝජනාව ඔබතුමාලා ගෙන්න ඕනේ නැහැ. මේ රටේ ජනතාව තීරණය කළාම අගමැති වෙනස් වෙන්න ඕනේ කියලා.අපි ගෙදර යන්නත් සූදානම්. අපි වගකියන්නේ මේ රටේ ජනතාවට. ඒ අනුව අපි වැඩ කරගෙන යන්නම්."