හදිසියේම කොටහේන දැරියගේ දෙමවුපියන් හමුවූ අගමැති

Death Harini Amarasuriya Law and Order Nalinda Jayatissa Sinhala news
By Shehan May 11, 2025 02:21 AM GMT
Shehan

Shehan

Report

කොටහේනේදී ඛේදවාචකයකින් මියගිය දැරියගේ දෙමවුපියන් සහ විමර්ශනය පවත්වන පොලිස් කණ්ඩායම ඊයේ(10) අගමැති කාර්යාලයේදී සවිස්තරාත්මක සාකච්ඡාවකට එක්විය.

මෙම රැස්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූහ.

විදුලි බිල යලි වැඩිවෙන ලකුණු ?

විදුලි බිල යලි වැඩිවෙන ලකුණු ?

රැස්වීමේදී, පාසලේ සහ උපකාරක පන්තියේ සිදුවූ බවට අනුමාන කෙරෙන සිදුවීම් සම්බන්ධයෙන් වහාම, සාධාරණව සහ නිපක්ෂපාතීව විමර්ශනයක් පවත්වන ලෙස පොලිස් කණ්ඩායමට උපදෙස් දෙන ලදී.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට සිදුවීම වාර්තා වූ මොහොතේ සිට නිසි ක්‍රියාමාර්ග ඵලදායීව අනුගමනය කර තිබේද යන්න තක්සේරු කිරීම සඳහා අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වමින් සිටී.

එසේම, මෙවැනි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමට වගකිව යුතු රජයේ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා, විශේෂඥ ළමා රෝග වෛද්‍ය අස්විනි ප්‍රනාන්දු මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන්

රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන්

ReeCha