ශ්‍රී ලංකා පොලිසියෙන් රියදුරන්ට විශේෂ නිවේදනයක් - මේ පාරෙන් යන්න බැහැ රථවාහන ගමනාගමනය සීමා වෙයි
නුගේගොඩ සුබද්‍රාරාම අතුල රජමහා විහාරස්ථානයේ මිහිඳු පෙරහර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි. මිරිහාන පොලිස් වසමේ නුගේගොඩ සුබද්‍රාරාම අතුල රජමහා විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු මහා පෙරහර 2026.07.05 වන දින රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා වීථී සංචාරය කිරීමට නියමිතව ඇත.
පෙරහර විහාරස්ථානයෙන් ආරම්භ වී ගම්සභා හන්දියට ගමන් කර, හයිලෙවල් මාර්ගය ඔස්සේ දෙල්කඳ හන්දිය දක්වා ගමන් කර පරණ කැස්බෑව මාර්ගය ඔස්සේ කට්ටිය හන්දිය හරහා නාවල වටරවුමෙන් වමට හැරී ස්ටැන්ලි තිලකරත්න මාර්ගය ඔස්සේ ගමන් කර ගුවන් පාලම අසලින් වමට හැරී නැවත හයිලෙවල් මාර්ගය ඔස්සේ ගම්සභා හන්දිය හරහා විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතය.
සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා රාජ්‍ය ආයතන එක්වෙයි - අද සිට ප්‍රදේශ 22 ක් ආවරණය වන විශේෂ වැඩසටහනක්
පෙරහර කාලසීමාව තුල පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී. රාත්‍රී 8.00 සිට පෙරහර අවසන් වන තෙක් කට්ටිය හන්දියේ සිට ගම්සභා හන්දිය දක්වා ඇති විකල්ප මාර්ග පහත දැක්වෙයි.
- මිරිහාන වටරවුමේ සිට පැපිලියාන දෙසට ගමන් කරන වාහන කට්ටිය හන්දියෙන් වමට හැරී දෙල්කඳ හරහා රත්තනපිටිය මාර්ගය ඔස්සේ හෝ කට්ටිය හන්දියෙන් පරණ කැස්බෑව මාර්ගයේ නුගේගොඩ නගරය වෙත ගමන් කර කොහුවල මාර්ගය ඔස්සේ පැපිලියාන දෙසට ගමන් කල හැකිය. රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දෙල්කඳ හන්දියේ සිට කට්ටිය හන්දිය හරහා නාවල වටරවුම දක්වා පරණ කැස්බෑව මාර්ගය විකල්ප මාර්ග
- දෙල්කඳ හන්දියේ සිට පරණ කැස්බෑව මාර්ගයේ නුගේගොඩ දෙසට ගමන් කරන වාහන දෙල්කඳ හන්දියෙන් හයිලෙවල් මාර්ගයේ කොළඹ දෙසට ගමන් කර නුගේගොඩ ගුවන් පාලම යටින් හයිලෙවල් හන්දියෙන් දකුණට හැරී නුගේගොඩ නගරය දෙසට ගමන් කල හැකිය.
- නාවල වටරවුමේ සිට පරණ කැස්බෑව මාර්ගයේ දෙල්කඳ දෙසට ගමන් කරන වාහන නුගේගොඩ නගරයේ නාවල වටරවුම ඔස්සේ හයිලෙවල් හන්දියට ගමන් කර හයිලෙවල් මාර්ගයෙන් දෙල්කඳ දෙසට ගමන් කල හැකිය.