එන්න එන්නම ඩෙංගු ඉහළට - දැනටම රෝගීන් 59,000 පනී - රටේම තත්ත්වය නරක අතට
2026 අවුරුද්දේ මේ දක්වා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59,000 ඉක්මවා ගොස් ඇති අතර ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ඒ අනුව වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59,638ක් බවයි.
එමෙන්ම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූනි මාසයේ වන අතර එම රෝගීන් සංඛ්‍යාව 21,546ක් වන අතර ජූලි මාසයේ ගතවූ දින 4 තුළ ඩෙංගු රෝගීන් 4,251ක් ද වාර්තා වී තිබේ. වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර ඒ අනුව රෝගීන් 31,249ක් එම පළාතෙන් වාර්තා වී තිබේ.
මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 9,507ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,172ක්ද වාර්තා වී ඇත.