මේ අයට සුබ ආරංචියක් - ගුරු සේවයට යන්න අවස්ථාවක්?
උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ අධ්‍යාපනවේදී උපාධිධාරී සංගමයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිතව තිබේ.
රාජ්‍ය විශ්වවිද්‍යාලවල 2018/19 සහ 2019/20 අධ්‍යයන වර්ෂයන්ට අදාළ අධ්‍යාපනවේදී (B.Ed) උපාධිධාරීන් මෙතෙක් ගුරු සේවයට බඳවා නොගැනීම සම්බන්ධයෙන් මතුව ඇති දැඩි අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණයි.
ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව මෙම උපාධිධාරීන් සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකින් සහ ප්‍රායෝගික පරීක්ෂණයකින් පමණක් ගුරු සේවයේ 2 ශ්‍රේණියේ II පන්තිය (2-II) සඳහා සෘජුවම බඳවා ගත යුතු වුවද, බලධාරීන් මේ වන තෙක් ඒ සඳහා කිසිදු පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම සංගමය පෙන්වා දෙයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර පසුගිය පෙබරවාරි 10 වැනිදා ද අග්‍රාමාත්‍යවරිය සමඟ සාකච්ඡාවක් පවත්වා තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මාර්තු මස 03 වැනිදා ආණ්ඩුව තීරණය කළේ සෙසු උපාධිධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාවලියට සමගාමීව මුල් අදියරේදීම මෙම කණ්ඩායම ද බඳවා ගැනීමටය.
අමෙරිකානු හමුදා කදවුරු සහ බහරේනයේ අධි සංවේදී තොරතුරු ඉරානය වෙත - පුද්ගලයින් 9ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ පිළිබඳව පළාත් සභා වෙත ලිපි මඟින් උපදෙස් යොමු කර තිබුණ ද, අදාළ ලිපියේ බඳවා ගත යුතු නිශ්චිත උපාධිධාරීන් සංඛ්‍යාව සඳහන් කර නොමැති බව පවසමින් පළාත් සභා බලධාරීන් එම ක්‍රියාවලිය තාවකාලිකව නවතා දමා ඇත.
වර්තමානයේ ක්‍රියාත්මක වන ගුරු බඳවාගැනීම් 23,000 කෝටාව යටතට මෙම අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඇතුළත් කළ නොහැකි බවට පළාත් සභා ප්‍රකාශ කර ඇති පසුබිමක, හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් සිය පත්වීම් සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි උපාධිධාරීහු අපේක්ෂා කරති.