අගමැති හරිනි අමරසූරිය චීනයේ සහ ඉන්දියාවේ නිල සංචාරවලට සූදානම්

Report

අගමැති හරිනි අමරසූරිය මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා සිට චීනයේ නිල සංචාරයකට එක්වීමට සූදානම් වන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම සංචාරයේදී ඇය චීන ජනාධිපතිවරයා ඇතුළු ප්‍රධාන දේශපාලනඥයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. චීන සංචාරයෙන් පසු ඉන්දියාවේ ද නිල සංචාරයකට එක්වන බවත්, එහිදී ඉන්දීය අගමැතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසුවේ, චීනය සමඟ අවබෝධතා ගිවිසුම් හරහා 2025 සහ 2026 වර්ෂවල ශ්‍රී ලංකාවේ සියලුම පාසල් දරුවන්ට නොමිලේ නිල ඇඳුම් ලබාදීමට එකඟතාවක් ලැබුණු බවයි. "මේ කෙටි කාලය තුළ ලෝකයේ රටවල් සමඟ රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින් විශාල ජයග්‍රහණ ලබා ඇති" බවත් ඔහු අවධාරණය කළේය.

ජිනීවා යෝජනා දිනන්න බෑ කියලා දැන දැනත් ඡන්ද හොයන්න මැති ඇමතිවරු රට සවාරි ගිහින්- විජිත

ජිනීවා යෝජනා දිනන්න බෑ කියලා දැන දැනත් ඡන්ද හොයන්න මැති ඇමතිවරු රට සවාරි ගිහින්- විජිත

පාස්කු ප්‍රහාරය වගේ සංවේදී කරුණක් ප්‍රසිද්ධ කරපු වරදට මන්ත්‍රීවරයා කාරක සභාවෙන් නෙරපිය යුතුයි - වසන්ත

පාස්කු ප්‍රහාරය වගේ සංවේදී කරුණක් ප්‍රසිද්ධ කරපු වරදට මන්ත්‍රීවරයා කාරක සභාවෙන් නෙරපිය යුතුයි - වසන්ත

සියලුම රන් භාණ්ඩ අහස උසට යයි - අලුත්ම රත්තරන් මිල ගණන් මෙන්න

සියලුම රන් භාණ්ඩ අහස උසට යයි - අලුත්ම රත්තරන් මිල ගණන් මෙන්න