පාස්කු ප්‍රහාරය වගේ සංවේදී කරුණක් ප්‍රසිද්ධ කරපු වරදට මන්ත්‍රීවරයා කාරක සභාවෙන් නෙරපිය යුතුයි - වසන්ත

Report

ආරක්ෂක ලේකම් රවි සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේදී කරන ලද ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ මන්ත්‍රීවරයා පිළිබඳව විමර්ශනයක් කළ යුතු බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

එසේම ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවට පැමිණ එම නිලධාරින් අදාළ ප්‍රකාශ ලබා දෙන්නේ කාරක සභාව ගැන විශ්වාස කරමින් බවයි.

එබැවින් එවන් ප්‍රකාශයන් තම සමාජ ජාල ගිණුම් හරහා වාර්තා කරන මන්ත්‍රීවරුන් සිදු කරන්නේ බරපතළ වරදක් බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු බවත් අවධාරණය කළා.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මෙහිදී ඔහු කියා සිටියේ හරි නම් එම වරද කළ මන්ත්‍රීවරයා කාරක සභාවෙන් නෙරපිය යුතු බවයි.

අද දින මෙම කරුණාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතුවූ සංවාදයකදී ඔහු මේ බව කියා සිටියා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා විසින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන ඇති බව කියන ප්‍රකාශයක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් මහතා පවසා ඇති බවට පුවත් වාර්තා විය.

කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා විසින් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බව කියන පුවත සාවද්‍ය පුවතක් බවට පොලීසියෙන් අද දින නිවේදනයක් නිකුත් කර තිබුණා.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන සංසරණය වන පුවත ගැන විශේෂ පොලිස් නිවේදනයක්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන සංසරණය වන පුවත ගැන විශේෂ පොලිස් නිවේදනයක්

ජිනීවා යෝජනා දිනන්න බෑ කියලා දැන දැනත් ඡන්ද හොයන්න මැති ඇමතිවරු රට සවාරි ගිහින්- විජිත

ජිනීවා යෝජනා දිනන්න බෑ කියලා දැන දැනත් ඡන්ද හොයන්න මැති ඇමතිවරු රට සවාරි ගිහින්- විජිත