සියලුම රන් භාණ්ඩ අහස උසට යයි - අලුත්ම රත්තරන් මිල ගණන් මෙන්න

Report

මංගල මුදු මාල වළලු ඇතුළු සෑම රන් භාණ්ඩයකම මිල ලෝක රන් මිල ඉහළ යාමත් සමඟ තවදුරටත් ඉහළ යමින් පවතින බව ලංකා ස්වර්ණාභරණ සංගමයේ ලේකම් රාමන් බාලසුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම මිළ ඉහළ යාම, රන් ආභරණ අලෙවිය කෙරෙහි සෘජුව බලපා ඇත.

එසේම ඔහු සඳහන් කළේ වර්තමානයේ පවුමක (ග්‍රෑම් 8) රන් මාලය මිල රුපියල් 335,000 ක් පමණ වන බවයි.

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

ඒ අනුව පවුම් බාගයක රන් ආභරණයක මිල රුපියල් 175,000 ක් පමණත්,

පවුම් කාලක රන් ආභරණයක මිල රුපියල් 85,000 ක් පමණත් සටහන් වේ.

එසේම එක් පවුමකින් සාදන ලද රන් මුදුවක මිල රුපියල් 356,000 ක් පමණ වන අතර,

පවුම් බාගයකින් සාදන ලද මුදුවක් රුපියල් 188,000 කට පමණ අලෙවි කරයි.

සියලුම රන් භාණ්ඩ අහස උසට යයි - අලුත්ම රත්තරන් මිල ගණන් මෙන්න | Gold Prices Soar New Rates Revealed

එමෙන්ම සාපේක්ෂව අඩු ජනප්‍රියතාවක් ඇති කැරට් 21 කාණ්ඩයේ ද සැලකිය යුතු මිල ඉහළ යාමක් වාර්තා වේ.

මෙම කාණ්ඩයේ පවුමක රන් මාලයක මිල රුපියල් 375,000 කට පමණත්,

පවුම් බාගයක මාලයක මිල රුපියල් 180,000 ක් පමණත් ලෙස අලෙවි වේ.

කැරට් 21 පවුමක රන් මුදුවක මිල රුපියල් 315,000 ක් ලෙසත්,

පවුම් බාගයකට රුපියල් 170,000 ක් සහ පවුම් කාලයක රුපියල් 85,000 ක් ලෙසත් මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව රන් වෙළෙඳපොළේ වත්මන් මිල ගණන්වලට අනුව, පවුමක මිලෙහි කැරට් මට්ටම් අනුව ද පැහැදිලි වෙනසක් දක්නට ලැබේ.

සියලුම රන් භාණ්ඩ අහස උසට යයි - අලුත්ම රත්තරන් මිල ගණන් මෙන්න | Gold Prices Soar New Rates Revealed

පෙරදී රුපියල් 305,000 ක් වූ කැරට් 24 රන් පවුමක මිල දැන් රුපියල් 310,000 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කැරට් 22 රන් පවුමක මිල මාසයකට පෙර රුපියල් 298,000 ක් වුවත් එය දැන් රුපියල් 305,000 ක් පමණ වේ.

කැරට් 21 රන් පවුමක මිල රුපියල් 261,000 සිට රුපියල් 293,000 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මෙම ඉහළ යාමේ ප්‍රවණතාවය අනුගමනය කරමින් ඉකුත් මස රුපියල් 240,000 ක් වූ කැරට් 18 රන් පවුමක මිලද දැන් රුපියල් 252,000 ක් වශයෙන් සටහන් වේ.

අදවත් රත්තරන් ගන්න - පිස්සු හැදෙන අද රන් මිල

අදවත් රත්තරන් ගන්න - පිස්සු හැදෙන අද රන් මිල

මේ අතර මෙම මිල වැඩිවීම් සිදුවී තිබුණ ද, රන් ආභරණවල වැඩ කුලිය (workmanship charges) නොවෙනස්ව පවතී.

ඒ අනුව මෙම මිල ඉහළ යාම පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ බාලසුබ්‍රමනියම් කැරට් 24 සහ 21 රන් ආභරණ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය නොවන බව පවසයි.

ඒ වෙනුවට මෙම කැරට් ප්‍රමාණවල සකසන ලද නිමි රන් ආභරණ ආනයනය කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඉරාන තෙල් වෙළඳාමට එක්සත් ජනපදය නව සම්බාධක පැනවයි - ලංකාවත් හවුල් වෙලා..

ඉරාන තෙල් වෙළඳාමට එක්සත් ජනපදය නව සම්බාධක පැනවයි - ලංකාවත් හවුල් වෙලා..

මේ ලග්නවලට අද මුදලින් වාසි ගේන ධන යෝග රැසක් එක්ක ප්‍රශංසා ගොඩක්

මේ ලග්නවලට අද මුදලින් වාසි ගේන ධන යෝග රැසක් එක්ක ප්‍රශංසා ගොඩක්