අගමැති හරිනි හෙට ඉන්දියාවට

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හෙට (16) සිට 18 වනදා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට සූදානම් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

සංචාරයේදී, ඇය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉහළ මට්ටමේ නියෝජිතවරුන් සමඟ කීප සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

තවද, ඔක්තෝබර් 17 වැනි දින NDTV සහ චින්තන් පර්යේෂණ පදනම සංවිධානය කරන NDTV ලෝක සමුළුව හිදී, අග්‍රාමාත්‍යවරිය “අවිනිශ්චිත කාල වකවානුවලදී ඇතිවන විපර්යාස මෙහෙයවීම” යන තේමාව යටතේ දේශනයක් පැවැත්වීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

මත්ද්‍රව්‍ය තොග ගැන තොරතුරු දුන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක්

මත්ද්‍රව්‍ය තොග ගැන තොරතුරු දුන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක්