මත්ද්‍රව්‍ය තොග ගැන තොරතුරු දුන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක්
දකුණු වෙරළට ඔබ්බෙන් මුහුදේ පාවෙමින් තිබූ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සහය වූ තොරතුරු ලබාදුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ එස්.එස්.පී. හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථාන මාරුවක් ලබා දී ඇත.
ඔහුට නව පත්වීමක් ලෙස පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ වැඩබලන අණදෙන නිලධාරියා (Commanding Officer) ලෙස කාර්යභාර පැවරී ඇති බව වාර්තා වෙයි.
මෙම ස්ථාන මාරුවට හේතුව පිළිබඳ නිල වශයෙන් තොරතුරු අනාවරණ වී නොමැති නමුත්, ඔහුගේ වෘත්තීය ජීවිතයේ වසර 31ක කාලය තුළ කිසිඳු දූෂණ චෝදනාවක් එල්ල වී නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
හේමාල් ප්‍රශාන්ත මහතා, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස වසර දෙකකට ආසන්න කාලයක් සේවය කළ අතර, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ධීවර බෝට්ටු අයිතිකරුවන්, ස්කීපර්වරුන් සහ ගැනියන් දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කළේය.
ඒ හේතුවෙන් දකුණු ප්‍රදේශයේ බෝට්ටු ස්කීපර්වරුන් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ගෙන ඒමේ කටයුතු වලින් ඈත් වී ඇති බවද වාර්තා වෙයි. මෙම පසුබැසීමත් සමඟ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එම්.සී.පී. හේරත් පත් කර ඇති බව නිවේදනය කර ඇත.
ඒ අතර කාලය තුළ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මත්ද්‍රව්‍ය ටොන් දෙකකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම විශේෂ ප්‍රතිඵලයක් ලෙස සැලකේ.