කාන්තා ලෝක කුසලාන ශ්‍රී ලංකා - නවසීලන්ත තරඟය වර්ෂාව නිසා අත්හැර දමයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු විය.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 258ක් රැස්කර ගනු ලැබිණි.
එය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟයක ඉතිහාසයේ වාර්තා කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
චමරි අතපත්තු හා විශ්මි ගුණරත්න ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක සබඳතාවක් ගොඩනගා තිබේ. චමරි අතපත්තු ලකුණු 53කි. විශ්මි ගුණරත්න ලකුණු 42ක් සහ හසිනි පෙරේරා ලකුණු 44ක් රැස් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් පන්දු වාර දහයේදී ලකුණු 80ක් රැස් කිරීම කැපී පෙනුණ කරුණක් විය.
අවසාන භාගයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට එසවූ නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 55ක් රැස් කළේ පන්දු 28කදීයි.ඊට හයේ පහර 01ක් සහ හතරේ පහර 07ක් ඇතුළත් විය .
නිලක්ෂි ද සිල්වා සිය අර්ධ ශතකය රැස් කළේ පන්දු 26කිනි. එය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් කාන්තා එක්දින ක්‍රිකට් තරඟයක රැස් කළ වේගවත්ම අර්ධ ශතකය වේ.
එමෙන්ම එය මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේදී ක්‍රීඩිකාවක් රැස් කළ වේගවත්ම අර්ධ ශතකය ලෙස හදුන්වනු ලබයි.
නවසීලන්ත ඉනිම ආරම්භයට පෙර දිගින් දිගටම වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරඟය අතරහැර දැමීමට සිදුවිය. ඒ හේතුවෙන් කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් ලැබුණි.