උතුරු ආණ්ඩුකාරවරයා කාටද මුට්ටි අල්ලන්නේ? අධ්‍යාපනය දේශපාලනීකරණය වෙලා - ස්ටාලින්ට මල පැනලා

By Shehan Oct 15, 2025 10:20 AM GMT
Report

යාපනය - උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 'සේවා අවශ්‍යතාවය' යන මුවාව යටතේ සිදුකළ ගුරු මාරුවීම් අත්හිටුවා ඒවා නැවත වහාම නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ගුරු සංගමයේ අනුග්‍රහය යටතේ ගුරුවරුන් පිරිසක් උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටිති.

උතුරු ආණ්ඩුකාරවරයා කාටද මුට්ටි අල්ලන්නේ? අධ්‍යාපනය දේශපාලනීකරණය වෙලා - ස්ටාලින්ට මල පැනලා | Stalin Warns Of Education Politics

විරෝධතාවට සහභාගී වූ ගුරුවරුන් පැවසුවේ, ගුරු මාරු ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත්, වත්මන් ගුරු මාරුවීම්වලදී දේශපාලනික වෙනස්කම් සහ පළිගැනීම් සිදුවන බවත් ය. තවද, වත්මන් රජය යටතේ සේවය කරන සමහර නිලධාරීන් තමන්ගේ පෞද්ගලික වාසි සඳහා කටයුතු කරමින් සිටින බවත් ඔවුන් චෝදනා කළහ.

මෙම විරෝධතාව මේ වන විටත් පැය කිහිපයක් තිස්සේ පැවැත්වෙන අතර, බලධාරීන්ගෙන් තවමත් එයට ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ගුරු සංගමය පවසන්නේ, මෙම ගැටලුව විසඳීම සඳහා බලධාරීන්ගෙන් කඩිනම් පියවර ගත යුතු බවයි.

උතුරු ආණ්ඩුකාරවරයා කාටද මුට්ටි අල්ලන්නේ? අධ්‍යාපනය දේශපාලනීකරණය වෙලා - ස්ටාලින්ට මල පැනලා | Stalin Warns Of Education Politics

උතුරු ආණ්ඩුකාරවරයා කාටද මුට්ටි අල්ලන්නේ? අධ්‍යාපනය දේශපාලනීකරණය වෙලා - ස්ටාලින්ට මල පැනලා | Stalin Warns Of Education Politics

මනූෂ නානායක්කාර අත්අඩංගුවට

මනූෂ නානායක්කාර අත්අඩංගුවට