පරිඝණක භාවිතා කරන ඔබට විශේෂ නිවේදනයක්
අද(14) සිට මෙතෙක් පරිශීලකයන්ට ලබාදී තිබූ පාරිභෝගික සහායන් නිකුත් කිරීම අවසන් කරමින්, 2015 නිකුත් වූ Windows 10 මෙහෙයුම් පද්ධතිය නිල වශයෙන් අවසන් කිරීමට මයික්‍රොසොෆ්ට් ආයතයනය තීරණය කර ඇත.
එම නිසා අද දිනයෙන් පසුව පසුව Windows 10 භාවිතා වන පරිඝණක සඳහා මෙතෙක් ලබා දුන් යාවාත්කාලීන කිරීම්(Updates),නව ආරක්ෂක දෝෂ හා මෘදුකාංග දෝශ වල හේතු අනාවරණය වූ පසු ඒවාට අදාල පිළිතුරු ලබාදීම් අත්හිටුවන බව නිවේදනය කර ඇත.
මෙමගින් Windows 10 සඳහා ලබාදෙන යාවත්කාලීන කිරීම් නතර වන අතර සුපුරුදු පරිදි බාධාවකින් තොරව එදිනෙදා වැඩකටයුතු සිදුකිරීම කල හැකි වේ.
තවමත් ලොව පුරා පවතින ආයතනවලින් 41%ක් Windows 10 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන අතර මේ නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇති වීමට ඉඩ තිබේ.
කෙසේ නමුත් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් තවත් වසරක කාලයක් සඳහා Extended Security Updates (ESU) ලබා දී තිබෙන අතර ඒ සඳහා ඇ.ඩො. 30 ක මුදලක් ලබා දී එය මිලදී ගැනීමට පරිශීලකයන්ට සිදු වේ.