බැංකු ගිණුමෙන් මුදල් ඇද්ද හතරකට වැඩ වරදී
බැංකු ගිණුමකින් මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බැංකු ගිණුමක තිබූ රුපියල් 569,610.00 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් 2024.05.29 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබූ පැමිණිල්ලක් මත එම ඒකකය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව ඊයේ (14) දින විමර්ශන නිලධාරින් විසින් ඉහත පැමිණිල්ලට අදාලව මුදල් වංචා කිරීම, සාවද්‍ය පරිහරණය හා විශ්වාසය කඩ කිරීම යන චෝදනාවලට සම්බන්ධ සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු මුරුතලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 30 සහ 38 වයස්වල පසුවන දෙහිදෙණිය, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
වෙබ් අඩවියක පල කර තිබූ ජල මෝටරයක් විකිණීමට අදාල දැන්වීමක් අනුව සැකකරුවන් විසින් එය මිලදී ගන්නා බවට හඟවමින් විකුණුම්කරුට අත්තිකාරම් මුදලක් තැන්පත් කරන මුවාවෙන් ඔහුගේ බැංකු ගිණුමට සම්බන්ධිත OTP අංකය ලබාගෙන මෙම මුදල් වංචා කිරීම සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය කරගන තිබේ.
සැකකරුවන් අද (15) වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ මුදල් වංචාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් ඒකකයේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි