වතු කම්කරුවන්ගේ වැඩි කළ වැටුප ගැන ගැසට් නිවේදනය 28 වැනිදා...

By Parami Dissanayake Aug 19, 2024 02:26 PM GMT
Report

මේ මස 28 වැනිදා වතු කම්කරුවන්ගේ වැඩිකළ වැටුප අනිවාර්යයෙන්ම ගෙවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත ය.

ඒ අනුව, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් පැවසුවේ, මේ මස 29 වැනිදා සිට වතු කම්කරුවකුට දිනකට අනිවාර්යයෙන්ම රුපියල් 1700 ක් ගෙවිය යුතු බවත් පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ, ඊයේ (19) වැනිදා “පුළුවන් ශ්‍රී ලංකා’’ මැයෙන් බම්බලපිටියේදී පැවැති මාධ්‍ය හමුවේදී ය.

පිලිපීනයෙන් මාස ගණනකට පසු මන්කිපොක්ස් රෝගියෙක්...

පිලිපීනයෙන් මාස ගණනකට පසු මන්කිපොක්ස් රෝගියෙක්...

තවද, වතුකරයේ දරුවන් සඳහා විශ්වවිද්‍යාලයක් ලබාගැනීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු එහිදී පැවසීය.

වතු කම්කරුවන්ට මෙරට පුරවැසිභාවය ලැබී තිබුණද, වරප්‍රසාද තවමත් නිසි පරිදි නොලැබෙන බවත්, මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කිරීම නිසා ලංකා කම්කරු කොංග්‍රසය ඔහුට සහයෝගය ලබාදීමට තීරණය කළ බවත් ආණ්ඩුකාරවරයා කීවේය.