අභිරහස් ගුවන් අනතුරක් - 242ගෙන් කවුරුන් ගැලවුණාද
By Hashini
ඉන්දියාවේ අහ්මදාබාද්හිදී ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබෙනවා.
මෙම අනතුරට මුහුණපා ඇත්තේ ඉන්දියාවේ සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක්.
අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 242ක් පමණ සිට ඇති බව වාර්තා වනවා.
එයාර් ඉන්දියා සමාගමට අයත් අහමදාබාද් සිට ලන්ඩන් දක්වා පියාසර කළ ගුවන් යානය ගුවන් ගත වී මිනිත්තු කිහිපයකට පසු මෙලෙස කඩා වැටීමට ලක්ව තිබෙනවා.
එහිදී ගිනි නිවන වාහන පහකට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් අනතුරෙන් සිදු වූ ජීවිත හානි පිළිබද මේ දක්වා තොරතුරු වාර්තා කර නොමැත.