ඉරාජ් ඔය කලිසම ගලවලා ඇඳගන්න මගේ නයිටියක්, ඇත්තමයි ඔයා නම් පුදුම සාපයක්-පියුමි හංසමාලි (PHOTOS)

Gossip Today Piumi Hansamali Sri Lankan Actress
By Sithumi May 21, 2022 03:32 PM GMT
Sithumi

Sithumi

Report
105 Shares

නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුල මෙන්ම අපේ රටේ කා අතරත් කතා බහට ලක්වෙන ගායකයෙක්, මියුසික් විඩියෝ නිර්මාණකරුවෙක්, යු ටියුබ් නාළිකා මෙහෙයවන්නෙක් මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් තමයි ඉරාජ් වීරරත්න කියලා කියන්නේ.

කොහොම නමුත් මේ දවස් වල සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු ගැන අතිශයින්ම කතා බහට ලක්වෙන්නේ පහුගිය දිනවල ඇතිවුණු කලබල අස්සේ ඉරජ්ගේ මවගේ නිවසටත් ප්‍රහාර එල්ල වීමත් සමඟයි. ඉතින් ඉන් අනතුරුව ඉරාජ් මෙම ප්‍රහාර ගැන කියමින් විටින් විට වීඩියෝ කිහිපයක්ම ඔහුගේ සමාජ මාධ්‍ය තුල පල කරලා තිබුණා. ඉතින් ඒ වගේම නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුල පුවත් මවන ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි ඉරජ්ගේ වීඩියෝවක් ඇයගේ ෆේස්බුක් ගිණුමේ පල කරමින් බොහොම සැර සටහනකුත් එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් එහිදී ඇය පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්. ඉරාජ් ඔයා එක්ක මට කිසිම තරහක් නැහැ. නමුත් ඔයා ඔනාවට වඩා කඩේ යනවා කියලා දැනෙනවා. ඒක ඔයාගේ පිරිමි කමටත් ලැජ්ජාවක්. දැං බලන්නකො පහුගිය දවස් වල ගැස් පිපිරැවා, අහිංසක මිනිස්සු මැරුණා. ඒ එක ගෙදරකට ඔයා ගියාද ඔහොම කතා කරන්න. ඒ ගැස් කම්පැනි වලට විරැද්දව කතා කරාද. එච්චර මිනිස්සු මැරෙද්දි තුවාල වෙද්දි, නෑ නේද. මට නම් ඔයාගෙන් වැඩකුත් නැහැ.

මේ ආන්ඩුවෙන් වැඩකුත් නැ. අපි හම්බ කරොත් අපි කනවා බොනවා. දැං ටික දවසක කලින් බුමිතෙල් පොලිම් වල අහිංසක තාත්තලා මැරිලා වැටුනු ඒ එක තැනකට ගිහින් එක වචනයක් කතා කරාද. මේ තත්පරයෙත් මගෙ රටෙ මිනිස්සු ගිනි අව්වෙ ගැස් පොලිම් වල ඉන්නවා. එතනට ගිහින් කතා කරන්නකො. ඔච්චරටම ඔයාගෙ හිත උනු වෙනවා නම්. ගිය සතියේ පොලිස් වෙඩි පහරින් තව තාත්තා කෙනෙක් නැති උනා. ඔයා ගියාද ඒ ගෙදරට ගිහින් කතා කරාද.

කන්න නැති නිසා මේ තාත්තා පාරට බැස්සෙ බඩු මිල අඩු කරන්න කියලා. ඒ ආපු තාත්තාට වෙඩි තියලා මරලා දැම්මා කියලා ඒවා ගැන කනගාටුවක් නැද්ද. ඔය කලිසම ගලවලා ඇද ගන්න ඉරාජ් මගෙ නයිට් ඩ්‍රෙස් එකක්. ඇත්තටම ඔයා දැං සාපයක්. මම අනුමත කරන්නෙ නැහැ කිසිසේත්ම ඔය හොටෙල්ස් වලට කරපු හානිය. මොකද හම්බ කරන් කන තැන් විනාශ කරන එක නම් පවක් කාගෙ උනත් සල්ලි නේ කියලයි ඇය ඒ විදිහට සටහනක් එක් කරමින් පවසලා තිබුනේ.  

Gallery