"..මේ ක්ෂේත්‍රයේ ඉන්නෙම අනුන්ගේ මිනිස්සු හොරකම් කරන්න දක්ෂ ගෑනු.මගේ කෙනාටත් මැසේජ් එවනවා.." කාටද මේ කියන්නේ.. පියුමි හංසමාලිගෙන් සැර කතාවක්..(PHOTOS)

Sri Lanka Gossip Today Piumi Hansamali Sri Lankan Actress
By Sewvandhi Jun 06, 2022 03:59 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හැමෝම දන්නවනේ පියුමි කියන්නේ පුංචි පුතෙකුගේ ආදරණීය අම්මා කෙනෙක් බව. කාලෙකට කලින් නම් පුංචි පුතත් එක්ක තනිකඩවම ජීවිතය ගත කරන බව හිතුවද මේ වෙද්දී නම් ඇය නැවතත් විවාහ වෙන්න සූදානම් වන පුවතක් පැතිරෙනවා. පියුමිගේ හිත නැවතුණ තැන ඉන්නේ ප්‍රගීත් තනුෂ්ක කියලයි මේ වෙද්දී පියුමි සමාජ මාධ්‍ය ඔස්සේ සිය ප්‍රේක්ෂකයන්ට කියලා තියෙන්නේ.ඉතින් නිතර නිතර සමාජ මාධ්‍ය වෙත චයාරුප මුදා හරින ඇයගේ අලුත්ම තොරතුරු ඇය පුවත් පතකට මේ විදිහට පල කර තිබුනා.

මම ෆොටෝ එකක් දැම්මම 2000ක් 3000ක් කමෙන්ට් කරනවා. ඒ ගැන හරිම සතුටුයි. මට කොච්චර මිනිස්සු එක එක දේවල් කිව්වත් ගොඩක් අය කැමතියි මම සතුටින් ඉන්නවට. ඒ අතරේ ඉන්නවා සමහර කුහක ගැහැනු අය. ඒ අය කැමතියි හැමදාම දුකෙන් හිත් රිදවීමකින් ඉන්නවට. නමුත් බොහෝ අය කැමතියි මම හරි සතුටින් ලස්සනට ඉන්නවට.මීට අවුරුදු එකහාමාරකට කලින් නම් තිබ්බේ ආයේ කසාදයක් කර ගන්නේ නැහැ කියලා. ඊට අවුරුදු පහකට කලින් නම් සිහිනයක් තිබ්බා ලස්සන විවාහ ජීවිතේකට යන්න. ආයේ දරුවෙක් හදන්න. පුතා හැදෙන්නේ තනියම නිසා සහ මම දුවලට හරිම ආදරෙයි.

ඊට පස්සේ ඒ ඔක්කොම අමතක කරලා ආයේ කසාදයක් කරගන්නේ නැහැ කියලා තීරණය කරලා තිබ්බේ. දැන් ඉතින් මට හොඳ සහකරුවෙක් හම්බවෙලා ඉන්නවා. මේ අවුරුද්දේ හෝ ඊළඟ අවුරුද්දේ හෝ ඉක්මනින් විවාහ වෙන්න තමයි ආසාව.අපේ මේ සම්බන්ධයට මාස හතරයි. ඒ මාස හතර තුළ මම එයාව ටැග් කරලා මොනවා හරි දැම්මොත් එයාට රික්වෙස්ට් සහ මැසේජ් සෑහෙන්න එනවා. අපේ මේ ක්ෂේත්‍රයේ ගොඩක් ඉන්නවා අනුන්ගේ මිනිස්සු හොරකම් කරන්න දක්ෂ කට්ටිය. ඉතින් ඒ වගේ දකින දකින ගැහැනු පස්සේ යන පිරිමිත් ඉන්නවා. මට කියන්න හරිම සතුටුයි මම හරි ආඩම්බරෙන් කියන්නේ මේ මනුස්සයට එන මැසෙජ් එකක්වත් එයා බලන්නේ නැහැ.

මාස ගාණක ඒවා තවම තියෙනවා.මම එයාට මැසේජ් එන එකට ආසයි. කෙල්ලෝ මැසේජ් දාන්නේ එයාට කැමති හින්දනේ. මම හරි සතුටුයි එයා ඒ ගෑනු ළමයෙක් දිහා බලන්නේවත් නැති එකට. මම හිතන්නේ හැම ගැහැනියක්ම කැමති තමන්ට විතරක් හිමි පිරිමි කෙනෙකුට. මම සෑහෙන්න පින් දහම් කරන ගැහැනියක්. ඒ මම කරන පිනට හම්බුණ කෙනා තමයි මේ.මට එයාව මුලින්ම හම්බෙන්නේ මගේ ඥාති සහෝදරයකුගේ මාර්ගයෙන්. අවුරුදු එකහාමාරක්ම එයා මගෙන් කැමැත්ත ඇහුවා. නමුත් මම ආදරේ කියන දේ එපාම කියන තැන හිටිය නිසා කාලය එහෙමම ගත වුණා.

ඒ කාලය තුළ එයා මාව හොඳින් තේරුම් ගත්තා. ඒ වගේම ඒ කාලය තුළ මටත් තේරුම් ගියා මෙයා මට ඇත්තටම ආදරෙයි කියලා. එහෙම තමයි අපේ ආදරේ පටන් ගත්තේ.මේ ආදරේ හමුවීමත් එක්ක, අපි හැමෝම රට යන්න තමයි දැන් අදහස. මේ රටේ හිටියොත් නම් ඉදිරියේදී අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. හොඳ රටකට ගිහිල්ලා පුතාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ කියන තැන තාමත් අපි ඉන්නේ. දැන් සැලසුම් කරලා තියෙනවා ටික කලකින් රට යන්න. මොකද මගේ අදටත් හීනය මගේ අවසන් හුස්ම පොඳ යනවා නම් යන්න ඕනේ ලස්සන රටක කියන එක.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGallery
ReeCha