ප්‍රභාකරන් උපන් ගමේ සිදුකළ අමුතුම වැඩේ මෙන්න..පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් යයි..

Jaffna Sports Sumanthiram
By Aruna Jan 18, 2022 02:58 AM GMT
Aruna

Aruna

Report

යාපනය වලිකාමම් නැගෙනහිර කට්ටෙයිකාඩු වෙරල තීරයේ අලංකාර සරුංගල් සැණකෙලියක් මෙවර තයිපොන්ංගල් නිමිත්තෙන් සංවිධානය කොට තිබුණා.

ශාන්ත මරියා ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කොට තිබූ  වාර්ෂික සරුංගල් සැණකෙලිය, පවතින කොරෝණා අවධානම ඇතුලු විවිධ පාර්ශවයන්ගේ විරෝධතාවන් හමුවේ නොපැවත්වීමට තීරණය කිරීම හේතුවෙන් වලිකාමම් නැගෙනහිර මුහුදු තීරයේදී මෙම සරුංගල් සැණකෙලිය මෙවර ඉතාමත් උත්කර්ෂවත් අයුරුන් පැවැත්වීම විශේෂත්වයක්.

කට්ටෙයිකාඩු වෙරලතීරයේ පැවති සරුංගල් සැණකෙලියේදී දෙමළ හින්දු ජනතාවගේ සංසකෘතින් විදහා දැක්වෙන අලංකාර වූ සරුංගල් නිර්මාණ මෙන්ම ගෙවී ගිය කාලයේදී ජනතාවට බලපෑ කොරෝණා වෛරසය, ගෑස් ගැටලු, පොහොර ගැටලු ආදියද විදහා දැක්වෙන සරුංගල් නිර්මාණ ඉදිරිපත්කොට තිබීම කාගේත් අවදානයට ලක්විය.

උත්සව අවස්ථාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුලු පිරිසක් සහභාගී වුණා.

සරුංගල් සැණකෙලියේ ජයග්‍රහාහකයින් වෙනුවෙන් පළමු දෙවන හා තෙවන ස්ථාන වෙනුවෙන් පිළිවෙලින් රුපියල් 20,000 , 15, 000 සහ 10,000 බැගින් ලබාදීමටද සංවිධායකයින් පියවර ගනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha