බුලත්විටත් එක්ක කන රෝස හුණු වලින් සොයාගත් පිළිකාකාරකය.

University of Sri Jayawardenapura Sri Lanka
By Wayomi Apr 05, 2023 04:47 AM GMT
Wayomi

Wayomi

Report

බුලත්විට සැපීමේදී භාවිත කරන රෝස පැහැති හුණුවල පිළිකා සංඝටක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුරංගි යසවර්ධන, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රදීප් ජයවීර, මහාචාර්ය මංජුලා වීරසේකර සහ ආචාර්ය සජිත් එදිරිසිංහ යන මහත්ම මහත්මීන්ගේ මඟපෙන්වීම යටතේ අවසන් වසර උපාධි අපේක්ෂක හෂාන් ප්‍රියන්ත විසින් සිදුකළ පර්යේෂණයකින් අනතුරුවයි.

ඔවුන් අනතුරු අඟවන්නේ, රෝස පැහැති හුණුවල පිළිකාකාරකයක් වන රොඩමීන් බී (Rhodamine B) නැමැති රසායනික සංඝටකය පවතින බවයි.

මෙම පර්යේෂණයේදී එම හුණු වර්ග දිවයින පුරා විවිධ ප්‍රදේශ වලින් සාම්පල් 48 ක් පර්යේෂණයට භාජනය කර තිබෙනවා.

එහිදී විශේෂයෙන් යාපනය ප්‍රදේශයේ ජනතාව භාවිතා කරන රෝස පැහැති හුණුවල මෙම පිළිකාකරක වැඩි ප්‍රමාණය ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පර්යේෂකයන් විසින් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"2019 වර්ෂයේ දී සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව මුඛ පිළිකා ආශ්‍රිත රෝගීන් හා ඒ ආශ්‍රිත මරණ වැඩි ප්‍රමාණ්‍යක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති බව සඳහන් වුණා. ඒ සදහා බොහෝවිට රොඩමීන් බී නැමති පිළිකාකාරකය ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්.

ඒ අනුව ඉකුත් දා අප විසින් සිදුකළ පර්යේෂණ වාර්තාව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන පරිපාලන ඒකකය වෙත භාර දුන්නා. පසුව එම ඒකකය මගින් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රෙද්ශ කිහිපයකින් ලබා ගත් හුණු සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත වැඩි දුර රසායනාගාර පරීක්ෂාව සඳහා ලබාදීමට කටයුතු කළා.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් කරන ලද සාම්පල විශ්ලේෂණයෙන් ද එම හුණු සාම්පලවල පිළිකාකාරක ‘රොඩමීන් බී‘ සංඝටකය අඩංගු බව තහවුරු වුණා. පසුව අප පර්යේෂණ කණ්ඩායම මේ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ද දැනුවත් කළා.

යාපනය ප්‍රෙද්ශය ඇතුළු සෙසු ප්‍රෙද්ශයල ජනතාව මෙම පිළිකාකාරක පිළිබදව දැනුම්වත් කිරීම වැදගත් වෙනවා. එමෙන්ම පිළිකාරක හුණු වෙළදපොළ භාවිතයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කිරීමත් වැදගත් වෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW